නීතිඥවරයෙකුගේ පෙරකදෝරුකම වසර 05කට අත්හිටුවයි

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු විභාගයක් සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ වගඋත්තරකාර නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත්කොට තිබියදී, ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.

නඩු විභාගයේ දී වගඋත්තරකරු අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම්දී ඇත්තේ, මෙම විත්තිකරු නීතිඥ ආචාරධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු අදාළ චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම සහ ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නීතිඥභාවය වසර පහක කාලයක් අත්හිටුවීමට පියවර ගන්නා බව විනිසුරු මඬුල්ල දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19