නීතිඥවරයෙකුගේ පෙරකදෝරුකම වසර 05කට අත්හිටුවයි

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු විභාගයක් සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ වගඋත්තරකාර නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත්කොට තිබියදී, ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.

නඩු විභාගයේ දී වගඋත්තරකරු අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම්දී ඇත්තේ, මෙම විත්තිකරු නීතිඥ ආචාරධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු අදාළ චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම සහ ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නීතිඥභාවය වසර පහක කාලයක් අත්හිටුවීමට පියවර ගන්නා බව විනිසුරු මඬුල්ල දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14