මුජිබර්ගේ ගෝලයින් සිව්දෙනෙක් සිදුකරන පාර්කින් ටිකට් වංචාවක් ගැන අනාවරණයක්

සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගේ ගෝලයන් සිව්දෙනෙකු විසින් සිදුකරන පාර්කින් ටිකට් වංචාවක් පිළිබඳව; ස්වයං රැකියා වෙළඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් ආනවරණයක් කළා.

ඔහු මෙම අනාවරණය සිදුකළේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අද (29) පැවති විශේෂ මාධ්‍ය හමුවක දීයි.

එහිදී ඔහු කියා සිටියේ කොළඹ නගරයේ ප්‍රසිද්ධය ස්ථානවල ඇති රථගාල්වල ගාල්කරන වාහනවලින් මොවුන් බලහත්කාරයෙන් මුදල් එකතු කරන බවයි.

කිසිඳු ටෙන්ඩර් දැමීමකින් තොරව බලහත්කාරයෙක් එකතු කරන මෙම මුදල් කොළඹ මහ නගර සභාවට නොදී පහැර හැර ඇති බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ.

මෙමඟින් රුපියල් කෝටි 04ක පමණ මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව සභාපති ප්‍රදීප් චාල්ස් මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

පාතාල මැර බලය යොදා සිදුකරන මෙම පාර්කින් ටිකට් වංචාව සම්බන්ධයෙන් තමන් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38