කේරළයේ කෝවිලක ගිනිකෙළි පුපුරා ගොස් අනතුරක් – 150ක් රෝහලේ

කේරළයේ කෝවිලක පැවති උත්සවයක් අතර තුර ගිනිකෙළි පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කේරළයේ, කසරගෝඩ් ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූවන්ගෙන් පුද්ගලයින් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි එරටට මාධ්‍ය වාර්තා කළේ.

රාත්‍රියේ පැවති ගිනිකෙළි සංදර්ශනයක් අතර තුර එක් රතිඤ්ඤාවක්; ගිනිකෙළි ගබඩා කර තිබූ තැනකට වැටීමෙන් එම ගිනිකෙළි පුපුරා ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

ගිනිකෙළි පුපුරා යාමෙන් සහ තෙරපීමෙන් එහිදී සිටි බැතිමතුන්ට මෙලෙස තුවාල සිදුව ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?