කේරළයේ කෝවිලක ගිනිකෙළි පුපුරා ගොස් අනතුරක් – 150ක් රෝහලේ

කේරළයේ කෝවිලක පැවති උත්සවයක් අතර තුර ගිනිකෙළි පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කේරළයේ, කසරගෝඩ් ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූවන්ගෙන් පුද්ගලයින් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි එරටට මාධ්‍ය වාර්තා කළේ.

රාත්‍රියේ පැවති ගිනිකෙළි සංදර්ශනයක් අතර තුර එක් රතිඤ්ඤාවක්; ගිනිකෙළි ගබඩා කර තිබූ තැනකට වැටීමෙන් එම ගිනිකෙළි පුපුරා ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

ගිනිකෙළි පුපුරා යාමෙන් සහ තෙරපීමෙන් එහිදී සිටි බැතිමතුන්ට මෙලෙස තුවාල සිදුව ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27