AFC Banner
Empty Ad
Empty Ad

සිංහරාජය හරහා වැටී මාර්ගය ගැන ගොනුකළ පෙත්සම් විභාගය කල්දැමේ

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගය පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥවරයකු පත් නොකිරීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල දෝෂාරෝපණය කරනවා.

එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කරේ මෙම නඩුව කල්දැමීම ද නුසුදුසු බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් ඉදිරිපත් කර ඇති එම පෙත්සම අද (28) මොහොමඩ් ලෆාර් සහ පී.කුමාර රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ,අවස්ථාවේ දී වවගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥවරයකු පෙනී නොසිටීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන ජනවාරි 23 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේ.

2021 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ දී රජය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජය හරහා වැටී ඇති මාර්ගයක් පුළුල් කිරීමට තීරණයක් ⁣ගෙන ඇති බවයි.

එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නිසි පරිසර ඇඟයිමක් සිදු නොකළ බවත්, එම තීරණය ජාතික වන භූමි පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් පෙත්සම්කරුවෝ පේනවා දෙනවා.

එබැවින් අදාළ තීරණය බල රහිත කරන ලෙසත් එම මාර්ගය පුළුල් කිරීමේ දී සිදුවූ පරිසර විනාශයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඒ පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ අධ්‍යක්ෂක, වන ජීවි දේපාර්තමෙන්තුව, එහි අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?