සිංහරාජය හරහා වැටී මාර්ගය ගැන ගොනුකළ පෙත්සම් විභාගය කල්දැමේ

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගය පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥවරයකු පත් නොකිරීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල දෝෂාරෝපණය කරනවා.

එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කරේ මෙම නඩුව කල්දැමීම ද නුසුදුසු බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් ඉදිරිපත් කර ඇති එම පෙත්සම අද (28) මොහොමඩ් ලෆාර් සහ පී.කුමාර රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ,අවස්ථාවේ දී වවගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥවරයකු පෙනී නොසිටීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන ජනවාරි 23 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේ.

2021 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ දී රජය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජය හරහා වැටී ඇති මාර්ගයක් පුළුල් කිරීමට තීරණයක් ⁣ගෙන ඇති බවයි.

එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නිසි පරිසර ඇඟයිමක් සිදු නොකළ බවත්, එම තීරණය ජාතික වන භූමි පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් පෙත්සම්කරුවෝ පේනවා දෙනවා.

එබැවින් අදාළ තීරණය බල රහිත කරන ලෙසත් එම මාර්ගය පුළුල් කිරීමේ දී සිදුවූ පරිසර විනාශයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඒ පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ අධ්‍යක්ෂක, වන ජීවි දේපාර්තමෙන්තුව, එහි අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04