Empty Ad
AFC Banner
Empty Ad

මාධ්‍යවේදී එක්නැලිගොඩ ඝාතන නඩුව යළිත් කල් තැබෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ෂම්මි කුමාරරත්න මහතා ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවේ සාක්ෂි විභාගය අද (28) කොළඹ මහාධිකරණ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දී විභාගයට ගැනුණා.

මහාධිකරණ විනිසුරු ආචාර්‍ය නාමල් බලල්ලේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එකී ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දී විත්තිකාර යුද හමුදා නිලධාරීන් එකී පැහැර ගැනීම සිදු කළ සමයේ දී භාවිත කළ ජංගම දූරකථන සම්බන්ධයෙන් දූරකථන විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රධාන පෙළේ දූරකථන සමාගම් දෙකක නිලධාරින් දෙදෙනකු සාක්ෂි ලබා දුන්නා.

එකී දූරකථන විශ්ලේෂණ වාර්තාවල සඳහන් අංක සිය සේවාදායකයින් භාවිත කළ ඒවා බව ඔවුන් පිළිගන්නා නමුත් දූරකථන කුළුණු සහිත පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන සිතියම් පිළිනොගන්නා බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ල විනිසුරු මඩුල්ලට ප්‍රකාශ කළා.

රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් එම දූරකථන සමාගම් නිලධාරින් සාක්ෂි ලබා දුන් අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් මස 06 වැනිදා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?