මාධ්‍යවේදී එක්නැලිගොඩ ඝාතන නඩුව යළිත් කල් තැබෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ෂම්මි කුමාරරත්න මහතා ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවේ සාක්ෂි විභාගය අද (28) කොළඹ මහාධිකරණ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දී විභාගයට ගැනුණා.

මහාධිකරණ විනිසුරු ආචාර්‍ය නාමල් බලල්ලේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එකී ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දී විත්තිකාර යුද හමුදා නිලධාරීන් එකී පැහැර ගැනීම සිදු කළ සමයේ දී භාවිත කළ ජංගම දූරකථන සම්බන්ධයෙන් දූරකථන විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රධාන පෙළේ දූරකථන සමාගම් දෙකක නිලධාරින් දෙදෙනකු සාක්ෂි ලබා දුන්නා.

එකී දූරකථන විශ්ලේෂණ වාර්තාවල සඳහන් අංක සිය සේවාදායකයින් භාවිත කළ ඒවා බව ඔවුන් පිළිගන්නා නමුත් දූරකථන කුළුණු සහිත පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන සිතියම් පිළිනොගන්නා බව විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ල විනිසුරු මඩුල්ලට ප්‍රකාශ කළා.

රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් එම දූරකථන සමාගම් නිලධාරින් සාක්ෂි ලබා දුන් අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් මස 06 වැනිදා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47
Video thumbnail
අක්කර 20ක් වඩා විනාශ කළ කඳු රක්ෂිතයේ ගින්න
01:30
Video thumbnail
පොහොසත් රටක් නෑ, පොහොසත් ආණ්ඩුවක් තියෙන්නේ
07:58
Video thumbnail
ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් සමරයි
01:29
Video thumbnail
නාමල්, ජනපති අනුරට දාපු කින්ඩිය - 75%ක් ජනපතිට කැමතියි ලු, හිනාවෙන්න එපා
11:46
Video thumbnail
නාමල්ගේ ගමනට පොලිස් නිලධාරියෙක් හරස් වෙයි
01:38
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32