AFC Banner
Empty Ad
Empty Ad

ලබන 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වන ඉරිදා දිනය නම්කර ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (28) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (28) දිනයේ ආරම්භ වුණා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ ලබාදිය යුතු ගෘහ දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට ලබානොදීම හේතුවෙන් එම දිස්ත්‍රික්ක දෙකේ අදාළ කටයුතු ආරම්භ කිරීමට නොහැකිව තිබුණා.

මැතිවරණ කොමිසම මගින් අදාළ ගෘහ දැන්වීම් පත්‍රිකා ලබා දී ඇති බැවින් ඒවා නියමිත තැපැල් ස්ථාන වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඊයේ (27) දිනයේ ආරම්භ කෙරුණා.

ඒ, සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?