ලබන 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වන ඉරිදා දිනය නම්කර ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (28) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (28) දිනයේ ආරම්භ වුණා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ ලබාදිය යුතු ගෘහ දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට ලබානොදීම හේතුවෙන් එම දිස්ත්‍රික්ක දෙකේ අදාළ කටයුතු ආරම්භ කිරීමට නොහැකිව තිබුණා.

මැතිවරණ කොමිසම මගින් අදාළ ගෘහ දැන්වීම් පත්‍රිකා ලබා දී ඇති බැවින් ඒවා නියමිත තැපැල් ස්ථාන වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඊයේ (27) දිනයේ ආරම්භ කෙරුණා.

ඒ, සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30