AFC Banner
Empty Ad
Empty Ad

හිස්බුල්ලා ඉලක්ක 120කට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර – අණදෙන නිලධාරීන් තිදෙනෙක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර දිනකට පසු ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ, අනුව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක 120කට ගුවන් ප්‍රහාර දියත් කළ බවයි ඊශ්‍රායල හමුදාව කියා සිටියේ.

මෙම ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමීන් 70 දෙනෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයේ දකුණු බෙයිරුට් බලකොටුවේ ආයුධ කම්හල් සහ ගබඩා පහසුකම් සපයන ස්ථාන ඉලක්කකර ගනිමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාර වලින් හිස්බුල්ලාහි අණදෙන නිලධාරීන් තිදෙනෙකු ද මියගොස් ඇති බව ඊශ්‍රායලය පවසනවා.

ඒ, අතර Bint Jbeil කලාපයේ හිස්බුල්ලා අණදෙන නිලධාරි අහමඩ් ජෆාර් මාටකු සහ හිස්බුල්ලා හි කාලතුවක්කු ප්‍රධානියා ද සිටින බවයි වාර්තා වන්නේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?