AFC Banner
Empty Ad
Empty Ad

පූකුඩිකන්නාගේ මත් ජාවාරම මෙහෙය වූ කතක් ඇතුළු හතරක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින පූකුඩිකන්නාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැලියගොඩ පොලිස් වසමේ නුවර පාර සහ නිග්රෝධාරාම මාවත ප්‍රදේශයේ දී මෙන්ම කැළණිය බුළුගහ හංදියේ පෙරේදා (25) සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙදෙනා පැලියගොඩ, මට්ටක්කුලිය සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 36ත් 41ත් අතර වයස්වල පසුවන්නන්.

සැකකාරිය වයස අවුරුදු 40 ක තැනැත්තියක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලි ග්‍රෑම් 800 ක්, මත්පෙති 20ක්, ජංගම දුරකථන 06 ක්, විද්‍යුත් තරාදි 03 ක් සහ මුදල් රුපියල් 331,900ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?