පූකුඩිකන්නාගේ මත් ජාවාරම මෙහෙය වූ කතක් ඇතුළු හතරක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින පූකුඩිකන්නාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැලියගොඩ පොලිස් වසමේ නුවර පාර සහ නිග්රෝධාරාම මාවත ප්‍රදේශයේ දී මෙන්ම කැළණිය බුළුගහ හංදියේ පෙරේදා (25) සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙදෙනා පැලියගොඩ, මට්ටක්කුලිය සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 36ත් 41ත් අතර වයස්වල පසුවන්නන්.

සැකකාරිය වයස අවුරුදු 40 ක තැනැත්තියක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලි ග්‍රෑම් 800 ක්, මත්පෙති 20ක්, ජංගම දුරකථන 06 ක්, විද්‍යුත් තරාදි 03 ක් සහ මුදල් රුපියල් 331,900ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04