AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අවසන් – ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථාන තුළදීම

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද (26) පස්වරු 4.00ට අවසන් වුණා.

මෙම ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වූ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 48ක දී ඡන්ද විමසීම ක්‍රියාත්මක වුණා.

මෙම ඡන්ද විමසීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා සිටි අතර, කොට්ඨාස 07ක් සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීම මෙහිදී සිදු කෙරෙනවා.

මේ අතර අද (26) පස්වරු 4.00 වනවිට මෙම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතය 63%ක් බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ.

මේ අතර මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළා.

එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබාදෙන බවත්, ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කිරීමට නියම්නිත බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?