ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අවසන් – ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථාන තුළදීම

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද (26) පස්වරු 4.00ට අවසන් වුණා.

මෙම ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වූ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 48ක දී ඡන්ද විමසීම ක්‍රියාත්මක වුණා.

මෙම ඡන්ද විමසීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා සිටි අතර, කොට්ඨාස 07ක් සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීම මෙහිදී සිදු කෙරෙනවා.

මේ අතර අද (26) පස්වරු 4.00 වනවිට මෙම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතිශතය 63%ක් බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ.

මේ අතර මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළා.

එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබාදෙන බවත්, ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කිරීමට නියම්නිත බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17