අල්ලස් කොමිසමට විනිසුරු ආදිත්‍ය පටබැඳිගේගෙන් තරයේ තරවටුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය ඉදිරි නඩු දිනයට පෙර සංශෝධනයට ලක් නොකරන්නේ නම්; අධිකරණය එම විත්තිකරුවන් ව නිදහස් කිරීමට කටයුතු කරන බවට දැනුම්දී තිබෙනවා.

අද (25) මෙකී නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පැමිණිලිකාර පාර්ශ්වය වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී මහතාට මේ සම්බන්ධයෙන් තරයේ අවවාද කළා.

විත්තිකරුවන්ට එරෙහිව ඇති පැමිණිල්ල යටතේ අධිචෝදනා පත්‍රයේ සඳහන් ඇතැම් කරුණු සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට තම අධිකරණය දැනුම්දුන්න ද; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එය නොසලකා ඇති බවටයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

එබැවින් ඉදිරි නඩු වාරයේ දී අවශ්‍ය සංශෝධන අධිචෝදනා පත්‍රයට සිදු නොකළහොත්; මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නඩුවක් ලෙසට සලකා විත්තිකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බව ද මහාධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නා.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සේවකයින් 319 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදවා රජයට රුපියල් මිලියන 65ක පමණ පාඩුවක් කළ බවට එවක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු, නිහාල් කැප්පෙටිපොළ සහ චන්ද්‍රසේකර වාහන යන නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය චෝදනා ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
10
+1
40
+1
1
+1
7
+1
6
+1
15
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?