අල්ලස් කොමිසමට විනිසුරු ආදිත්‍ය පටබැඳිගේගෙන් තරයේ තරවටුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය ඉදිරි නඩු දිනයට පෙර සංශෝධනයට ලක් නොකරන්නේ නම්; අධිකරණය එම විත්තිකරුවන් ව නිදහස් කිරීමට කටයුතු කරන බවට දැනුම්දී තිබෙනවා.

අද (25) මෙකී නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පැමිණිලිකාර පාර්ශ්වය වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී මහතාට මේ සම්බන්ධයෙන් තරයේ අවවාද කළා.

විත්තිකරුවන්ට එරෙහිව ඇති පැමිණිල්ල යටතේ අධිචෝදනා පත්‍රයේ සඳහන් ඇතැම් කරුණු සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට තම අධිකරණය දැනුම්දුන්න ද; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එය නොසලකා ඇති බවටයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

එබැවින් ඉදිරි නඩු වාරයේ දී අවශ්‍ය සංශෝධන අධිචෝදනා පත්‍රයට සිදු නොකළහොත්; මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නඩුවක් ලෙසට සලකා විත්තිකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බව ද මහාධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නා.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සේවකයින් 319 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදවා රජයට රුපියල් මිලියන 65ක පමණ පාඩුවක් කළ බවට එවක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු, නිහාල් කැප්පෙටිපොළ සහ චන්ද්‍රසේකර වාහන යන නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය චෝදනා ගොනු කර තිබුණා.

  1. පසුගිය කාලෙ ඔය දෙපාර්තමේන්තුවේ ගොඩක් නඩුවල technical errors. ඔය දෙපාර්තමේන්තුවට technical odficers ලා බඳවා ගැනීමට යෝජනා කරමි.

  2. මෙතෙක් කල් සිදුවුනෙ පවතින රජයේ දේශපාලකයන්ගේ අවශ්‍යතාවය මත හෝ හිතවත්කම් මත නඩු ලිපිගොනු සකසා අධිකරනයට ඉදිරිපත් කිරිමයි. ඒ අනුව විත්ති පාර්ශවයේ නීතීඥ්ඤයන්ගේ දක්ෂතාවය මත හා රජයේ පාර්ශවයේ සාක්ෂිවල පරස්පරය මත විනිසුරුවරුන්ට නිවැරදි තීන්දු දීමට හැකියාවක් නැත. ඒ අනුව වැරදි කරුවන් නිදහස්වේ.
    වර්තමාන පාලනයේදි දේශපාලන අතපෙවීම් හා හිතවත්කම් මත නඩු ලිපි ගොනු නොසැකසේ නම් වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදිය හැක. එමෙන්ම නිවැරදිව නඩු ලිපිගොනු සකස් නොකරන නිළධාරින්ට විරුද්ධව අවශ්‍යය කටයුතු කල හැක.

  3. මෙවැනි කරුණු මත විත්තිකරුවන් නිදහස් කරනවා නම් විත්තිකරුවන්ට ලබාදීමට නියමිත දඬුවම අල්ලස් කොමිසමේ නඩුව ඉදිරිපත් කරන නිලධාරීන්ට ලබාදීමට හැකිවන පරිදි නීති සංශෝධනය කළ යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31