‘නිර්නාමික පැමිණිල්ලක් ගැන අහන්නයි එන්න කිව්වේ – උගන්ඩාවේ සල්ලි ගැනත් මේ විදියට සොයන්න’ (වීඩියෝ)

තමන්ව අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ 2010 – 2015 කාල සීමාවේ දී කිසියම් අයෙකු සිය කාර්යාලයට පැමිණ මුදල් තබා ගියා යැයි ලද නිර්නාමික පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට බව හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (24) පෙරවරු 09ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රීවරයා හට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණා.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරුවේ නියමිත වේලාවටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඔහුගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගැනුණු බවයි හෙතෙම පැවසුවේ.

ඉන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙය දේශපාලනික පළිගැනීමක් ද යන්න පිළිබඳවයි.

ඒ සම්බන්ධයෙන් නිසි ලෙස සොයා බැලිය යුතු බවත් මැතිවරණ කාලසීමාවක දී අප වෙත පැවරූ සහ ජනතාවගේ හිස මතට රාජපක්ෂවරුන් ගැන අවබෝධයෙන් බොරු කියූ පිරිසකගේ ක්‍රියාකලාපය මෙතුළින් දිස්වන බවට තමන් විශ්වාස කරන බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

එබැවින් එදා පැවසුවා සේම අප සැඟවූ බවට කියූ උගන්ඩාවේ මුදල් ආදිය පිළිබඳව ද මේ ආකාරයෙන් විමර්ශනය කිරීමට අපව ගෙන්වාලීමට කටයුතු කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

තමන්ට නිදොස් වීමට ඇති එකම මාර්ගය අධිකරණය පමණක් බැවින් පැමිණෙන ලෙස දැන්වූ විගස තමන් ඒමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08
Video thumbnail
ආණ්ඩුවෙන් මට කැබ් දෙන්න ඕනේ නෑ - මම ලීසිං දාලා ගන්නවා
07:32
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර් වෙයි
01:22
Video thumbnail
සැප වාහන පැත්තකට දාලා ත්‍රීවීල් එකකට බැස්ස අර්චුනා
01:19
Video thumbnail
නිරෝෂන් මාධ්‍ය හමුවෙදිම ගත්ත ඇමතුමෙන් DIGගේ පැටිකිරිය හෙළිවෙයි?බලය නැතිදාට ලෙල්ල නැති කෙහෙල් ගෙඩි
09:16


?