‘නිර්නාමික පැමිණිල්ලක් ගැන අහන්නයි එන්න කිව්වේ – උගන්ඩාවේ සල්ලි ගැනත් මේ විදියට සොයන්න’ (වීඩියෝ)

තමන්ව අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ 2010 – 2015 කාල සීමාවේ දී කිසියම් අයෙකු සිය කාර්යාලයට පැමිණ මුදල් තබා ගියා යැයි ලද නිර්නාමික පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට බව හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (24) පෙරවරු 09ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රීවරයා හට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණා.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරුවේ නියමිත වේලාවටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඔහුගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගැනුණු බවයි හෙතෙම පැවසුවේ.

ඉන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙය දේශපාලනික පළිගැනීමක් ද යන්න පිළිබඳවයි.

ඒ සම්බන්ධයෙන් නිසි ලෙස සොයා බැලිය යුතු බවත් මැතිවරණ කාලසීමාවක දී අප වෙත පැවරූ සහ ජනතාවගේ හිස මතට රාජපක්ෂවරුන් ගැන අවබෝධයෙන් බොරු කියූ පිරිසකගේ ක්‍රියාකලාපය මෙතුළින් දිස්වන බවට තමන් විශ්වාස කරන බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

එබැවින් එදා පැවසුවා සේම අප සැඟවූ බවට කියූ උගන්ඩාවේ මුදල් ආදිය පිළිබඳව ද මේ ආකාරයෙන් විමර්ශනය කිරීමට අපව ගෙන්වාලීමට කටයුතු කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

තමන්ට නිදොස් වීමට ඇති එකම මාර්ගය අධිකරණය පමණක් බැවින් පැමිණෙන ලෙස දැන්වූ විගස තමන් ඒමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39