හිටපු සෞඛ්‍ය ඇමති රාජිත හා තාසිම් රුමි යන අයගේ නඩුවක් කල් තැබෙයි

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේදී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට පෙලඹවිම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් රුමි යන දෙදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස නීතිඥවරු කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන නොවැම්බර් 29 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; නඩුවේ නියෝගය අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද නියෝගය සුදානම් නැති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එය කල් තැබීමට නියෝග කළ බවයි.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය පසුගිය සැප්තැම්බර් 25 වැනිදා අවසන් කෙරුණා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මිහිදුසිරි අබේසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ පද්මාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි ලබා දුන්නා.

එම සාක්ෂියෙන් පසුව සාක්ෂි විභාගය අවසන් කරන බව රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයට ප්‍රකාශ කළා.

පැමිණිල්ල මෙහෙය වන අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන විශේෂ නඩු කටයුත්තක් සඳහා පෙනී සිටින බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනි සිටින අවස්ථාවේ දී එම ඉල්ලිම සුදුසු බව රජයේ අධිනීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා එකී ඉල්ලිම සම්බන්ධයෙන් විත්තියේ හා පැමිණිල්ලේ කරුණු දැක්විම් සඳහා ලබන ඔක්තෝබර් 04 වැනිදා කැඳවීමට නියෝග කළා.

2019 නොවැම්බර් 10 වැනිදා තිඹිරිගස්‍යාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත සුදු වෑන් භාව්තා කර පුද්ගලයින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සහ වේලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබූ රන් භාණ්ඩ උණ්ඩියල් ක්‍රමයට මාරු කළ බව සඳහන් කළ උණ්ඩියල් අතුල සහ ඇන්තනි ඩග්ලස් යන පුද්ගලයින් ලවා අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් එම නඩුව පවරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 27 දින ලංකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සෙනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39