AFC Banner
Empty Ad
Empty Ad

කමිඳු ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉහළට

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබෙනවා.

ඊයේ (22) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අදාළ යාවත්කාලීන කිරීම් සිදු කරනු ලැබුවා.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් 11 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

පසුගියදා නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී නිමාවට පත් වූ ටෙස්ට් තරගාවලියේ දී කමිඳු දැක්වූ දක්ෂතාව මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

කමිඳු හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 716ක්.

මෙම ලැයිස්තුවේ දිමුත් කරුණාරත්න ද ස්ථාන දෙකකින් ඉදිරියට ඇවිත් 15 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ධනංජය ද සිල්වා එක් ස්ථානයක් ඉදිරියට එමින් 17 වැනි ස්ථානයේ පසුවනවා.

තවමත් විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා ලෙස මුලසුනේ වැජඹෙන්නේ එංගලන්තයේ ජෝ රූට්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?