කමිඳු ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉහළට

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබෙනවා.

ඊයේ (22) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අදාළ යාවත්කාලීන කිරීම් සිදු කරනු ලැබුවා.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් 11 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

පසුගියදා නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී නිමාවට පත් වූ ටෙස්ට් තරගාවලියේ දී කමිඳු දැක්වූ දක්ෂතාව මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

කමිඳු හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 716ක්.

මෙම ලැයිස්තුවේ දිමුත් කරුණාරත්න ද ස්ථාන දෙකකින් ඉදිරියට ඇවිත් 15 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ධනංජය ද සිල්වා එක් ස්ථානයක් ඉදිරියට එමින් 17 වැනි ස්ථානයේ පසුවනවා.

තවමත් විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා ලෙස මුලසුනේ වැජඹෙන්නේ එංගලන්තයේ ජෝ රූට්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33