AFC Banner
Empty Ad
Empty Ad

අශේන්ගේ පෙත්සම උසාවියෙන් ප්‍රතික්ෂේප කරයි

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරමින් ගනු ලැබු තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න ගොනු කර තිබු පෙත්සම විභාගයට ගැනීමට අවසර දිමකින් තොරවම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එම පෙත්සම අද (23) ප්‍රිති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එහිදි කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා සහ මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වු රජයේ අධිනීතිඥවරයාගේ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරිමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
32
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?