අශේන්ගේ පෙත්සම උසාවියෙන් ප්‍රතික්ෂේප කරයි

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරමින් ගනු ලැබු තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න ගොනු කර තිබු පෙත්සම විභාගයට ගැනීමට අවසර දිමකින් තොරවම ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එම පෙත්සම අද (23) ප්‍රිති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එහිදි කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා සහ මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වු රජයේ අධිනීතිඥවරයාගේ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරිමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32