AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු (වීඩියෝ)

සමුපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුව අද (23) දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි එම තීරණය ලබා දුන්නේ.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු BMW වාහනේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට වරෙන්තු නිකුත් කළ අතර මෙම නඩුව ලබන ජනවාරි මස 27 වන දින නැවත කැඳවීමට නියම කෙරුණා.

වර්ෂ 2014 ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 අතර කාලය තුළ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිර ලෙස සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් එක්කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හත්දහස් හයසි අනූ හයක (12,877,696.48) පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනතේ දූෂණය නමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ට්‍රියන්තා ප්‍රනාන්දු හා එම ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකිර් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑
02:21
Video thumbnail
Breaking News🛑ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක්
01:11
Video thumbnail
Breaking News🛑BMW සිද්ධියට ජෝන්ස්ටන් CID ගෙන්වයි
01:06
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51

?