AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාම ගිය වෝර්නර් යළි පැමිණෙයි ?

ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් කැඳවීමේ බලාපොරොත්තුවක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ; ඔස්ට්‍රෙලියාවේ හිටපු ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩේවිඩ් වෝර්නර්ට එරට ක්‍රිකට් පාලනාධිකාරියෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නැවත කැඳවීමක් සිදු කිරීමේ තීරණයක ඔවුන් සිටින බවයි.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව වෝර්නර්ගේ සේවය අවශ්‍ය වුවහොත් කිසිදු පැකිළීමකින් තොරව ගැනීමට ඔස්ට්‍රෙලියානු තේරීම් කමිටුව තීරණය කර ඇති බවට ද වාර්තා වනවා.

වෝනර් යනු වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් වන ඔස්ට්‍රෙලියාවට අවසන් වසරේ ටෙස්ට් ශූරතාව දිනාදීමට සහාය දුන් ක්‍රීඩකයෙක් වන අතර හෙතෙම 2024 මුල් භාගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් නිල වශයෙන් සමු ගත්තා.

ඩේවිඩ් වෝර්නර් ටෙස්ට් තරග 112ක දී ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් වාර්තා කර ගැනීමට සමත් ව තිබෙනවා.

ඔහු ටෙස්ට් තරගයකදී ලබා ඇති ඉහළතම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 335ක්.

ටෙස්ට් ඉනිම 205ක් ක්‍රීඩා කර ඇති වෝර්නර් මුළු ටෙස්ට් ලකුණු 8786ක් ලබාගෙන සිටිනවා.

ඔහු නවසීලන්තයට එරෙහිව 2011 වර්ෂයේ දී බ්‍රිස්බේන් නුවර දී මංගල ටෙස්ට් වරම් දිනාගත් අතර එය අවසන් වූයේ මෙම වසරේ සිඩ්න් නුවර දී පකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දීයි.

එතැන් සිට ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ජුනි මාසයේ සිට පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් ද සිය රට වෙනුවෙන් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝර්නර් ෆ්‍රැන්චයිස් T20I තරග සඳහා ක්‍රීඩා කරනු ඇති.

ඉන්දියාවට එරෙහිව සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මෙවර ටෙස්ට් තරග 05කට එක් වීමට ද නියමිතව තිබෙනවා.

එම තරග පිළිවෙළින් පර්ත්, ඇඩිලේඩ්, බ්‍රිස්බේන්,මෙල්බර්න් සහ සිඩ්නි නුවරදී පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50

?