විශ්‍රාම ගිය වෝර්නර් යළි පැමිණෙයි ?

ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් කැඳවීමේ බලාපොරොත්තුවක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ; ඔස්ට්‍රෙලියාවේ හිටපු ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩේවිඩ් වෝර්නර්ට එරට ක්‍රිකට් පාලනාධිකාරියෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නැවත කැඳවීමක් සිදු කිරීමේ තීරණයක ඔවුන් සිටින බවයි.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව වෝර්නර්ගේ සේවය අවශ්‍ය වුවහොත් කිසිදු පැකිළීමකින් තොරව ගැනීමට ඔස්ට්‍රෙලියානු තේරීම් කමිටුව තීරණය කර ඇති බවට ද වාර්තා වනවා.

වෝනර් යනු වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් වන ඔස්ට්‍රෙලියාවට අවසන් වසරේ ටෙස්ට් ශූරතාව දිනාදීමට සහාය දුන් ක්‍රීඩකයෙක් වන අතර හෙතෙම 2024 මුල් භාගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් නිල වශයෙන් සමු ගත්තා.

ඩේවිඩ් වෝර්නර් ටෙස්ට් තරග 112ක දී ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් වාර්තා කර ගැනීමට සමත් ව තිබෙනවා.

ඔහු ටෙස්ට් තරගයකදී ලබා ඇති ඉහළතම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 335ක්.

ටෙස්ට් ඉනිම 205ක් ක්‍රීඩා කර ඇති වෝර්නර් මුළු ටෙස්ට් ලකුණු 8786ක් ලබාගෙන සිටිනවා.

ඔහු නවසීලන්තයට එරෙහිව 2011 වර්ෂයේ දී බ්‍රිස්බේන් නුවර දී මංගල ටෙස්ට් වරම් දිනාගත් අතර එය අවසන් වූයේ මෙම වසරේ සිඩ්න් නුවර දී පකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දීයි.

එතැන් සිට ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ජුනි මාසයේ සිට පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් ද සිය රට වෙනුවෙන් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝර්නර් ෆ්‍රැන්චයිස් T20I තරග සඳහා ක්‍රීඩා කරනු ඇති.

ඉන්දියාවට එරෙහිව සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මෙවර ටෙස්ට් තරග 05කට එක් වීමට ද නියමිතව තිබෙනවා.

එම තරග පිළිවෙළින් පර්ත්, ඇඩිලේඩ්, බ්‍රිස්බේන්,මෙල්බර්න් සහ සිඩ්නි නුවරදී පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32