රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි තැබීමක් – දෙදෙනකුට තුවාල

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද (23) අලුයම මෙම වෙඩි තැබීම සිදු ව ඇති අතර වෙඩි තැබීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, දුම්රිය අංගනයට දේපොළ සොරකම් කිරීමට ඇතුළු වූ පුද්ගලයින් පස්දෙනෙකු එහි ආරක්ෂක රාජකාරී යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහර දී තුවාල සිදුකර ඇති බවයි.

එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් සිය ආරක්ෂාව සඳහා මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරුවන් පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03