AFC Banner
Empty Ad
Empty Ad

මෙරට පුද්ගලයින්ගෙන් 25%කට දියවැඩියාව

මෙරට වෙසෙන පුද්ගලයින් සියයට 25කට දියවැඩියා රෝගය වැළඳී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.

අද (22) කොළඹ පිහිටි වෛද්‍ය සභා පරිශ්‍රයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය තුසිත කහදූව මහතා පැවසුවේ; එම තත්ත්වය අතිශය භයානක බවත්; පුද්ගලයින් තිදෙනෙක්ගෙන් එක් අයෙකුට දියවැඩියාව වැළඳී ඇති බවට තහවුරු වී ඇති බවයි.

දියවැඩියා පාද සින්ඩ්‍රෝමය සහ වණ වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුණා.

කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල 33%ක ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කළේ.

දිනකට පාවිච්චි කළ යුත්තේ තේ හැඳි 06ක් වුව ද, පුද්ගලයින් එය දෙගුණයක් ලෙස ගැනීමට ඇබ්බැහි වී සිටින බව ද වෛද්‍ය සභාව පෙන්වාදෙනවා.

සීනි භාවිත කිරීම අවම වුව ද, ක්ෂණික මේදය අධික ආහාර සහ කෘත්‍රීම බීම පානය දියවැඩියා රෝග තත්ත්වය ඉහළ නැංවීමට හේතු වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

බොහෝ වශයෙන් රෝගීන් වාර්තා වන්නේ ආර්ථිකමය අතින් යම්කිසි ස්ථාවරයක ජීවත් වන්නවුන් ක්ෂණික ආහාරපානවලට ඇබ්බැහි වීම හේතුවෙන් බවට නිරීක්ෂණය වී ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?