AFC Banner
Empty Ad
Empty Ad

ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රියක් ඇළකට පෙරළෙයි – එක් අයෙක්ට බරපතළයි

සිරිපුර සිට පොළොන්නරුව දක්වා ඇඟලුම් කර්මාන්තයක සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද (22) පෙරවරුවේ දිඹුලාගල – ඇල්ලේවැව ප්‍රදේශයේ දී ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

බස් රථය අනතුරට පත් වනවිට එහි, සේවිකාවන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, තුවාල ලැබූ 08 දෙනාගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාවක් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බවත් අරලගංවිල පොලිසිය පැවසුවා.

තුවාල ලැබූවන් සියලු දෙනා කාන්තාවන් වන අතර ඔවුන් වයස අවුරුදු 25 ත් 35 අතර වයසේ පසුවන්නන්.

අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය සහ අධික වේගය බවයි හෙළිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?