AFC Banner
Empty Ad
Empty Ad

මුහුදෙන් ගසා ආ බීඩිකොළ තොගය

ශ්‍රී ලංකා නාවික හමුදාව ඔක්තෝබර් මස 10 වන දින සිට 20 වන දින දක්වා පුත්තලම සිට සිලාවතුර දක්වා වයඹ මුහුදු තීරයේ සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1066කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා බරණ යන ආයතන විසින් අදාළ මෙහෙයුම් සිදු කරන ලද්දේ; පුත්තලම මාම්පුරි වෙරළ ප්‍රදේශය, සිලාවතුර, කල්ආරු, අරිප්පු සහ කොක්කුපඩයාන් වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි බවයි.

නාවික හමුදා භාරයට ගත් බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහ මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?