AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා එන සතියේ පොලිසියට

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබන සතිය තුළ පොලිසියට භාරදෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අදාළ අපේක්ෂකයින්ට එම වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලය පසුගිය 13 වනදා අවසන් වුණා.

ඒ, අනුව ජනාධිපතිවරණට තරග කළ අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙක් එම වියදම් වාර්තා භාරදීමට කටයුතු කර තිබුණා.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් එම වියදම් වාර්තා භාර දී තිබුනේ නැහැ.

මැතිවරණ පනතට අනුව එම වාර්තා ලබාදීමෙන් පසු දින 10ක් ඇතුළත, ඉදිරි කටයුතු වෙනුවෙන් වාර්තාවක් පොලීසියට භාරදිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?