බිරිඳ හා දරු දෙදෙනා මැරූ විත්තිකරුවෙකුට පැනවූ මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

රත්මලාන, ගොළුමඩම ප්‍රදේශයේ දී බිරිඳ හා පුතුන් දෙදෙනා නිදන කාමරය තුළ දී නිදි යහනට ගිනි තබා ඝාතනය කිරිමේ චෝදනා තුනකට වරදකරු වූ විත්තිකරුට කොළඹ මහාධිකරණය නියම කළ මරණ දඬුවම ස්ථිර කරමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු විකුම් ඒ.කලුආරච්චි මහතා 2019 නොවැම්බර් 07 වැනිදා නියම කළ එකී මරණ දඬුවම අභියෝගයට ලක්කරමින් මධුර මනුරංග ද සිල්වා නැමති විත්තිකරු විසින් ගොනු කළ අභියාචනා පෙත්සම ද එහිදි ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී අබේකොන් මහතා, පී. කුමාරරත්නම් යන මහත්වරු විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මහාධිකරණ විසින් එම තින්දුව ලබා දි ඇත්තේ ඉදිරිපත් වූ සියලුම සාක්ෂි මැනවින් සලකා බලා හා එම අමානුෂික ඝාතනය සිදු⁣කොට ඇත්තේ විත්තිකරු චේතනාන්විත අරමුණින් බව සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කර ගැනීමෙන් පසුව බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.

පිටු 38කින් යුතුව විනිසුරු මඩුල්ලේ එකඟතාවය මත නිකුත් කළ එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහාධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කර විත්තිකරුගේ ඉල්ලිමට ඉඩදීමට තරම් කිසිඳු සාධාරණ හේතුවක් තම අධිකරණයට නොමැති බවයි.

2012 දෙසැම්බර් 16 වනදා රත්මලාන, ගොළුමඩම ප්‍රදේශයේ දී මධුර මනුරංග නැමැත්තා විසින් වෙනත් තරුණියක් විවාහ කරගැනිමේ චේතනාවෙන් සිය බිරිඳ වු අවුරුදු 29ක සඳමාලි ප්‍රනාන්දු , වයස අවුරුදු තුනක් හා මසක් වයසැති දරුවන් දෙදෙනා නිදියහනට ගිනි තබා ඝාතනය කර තිබුණා.

එහිදී නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ දී එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වූ දිලිප පීරිස් මහතාගේ මෙහෙයවීම මත සාක්ෂිකරුවන් 14 දෙනකු සාක්ෂි ලබා දී තිබුණා.

රජයේ අධිනීතිඥ මලික් අසිස් මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ අසේකා වීරසේන මෙනවිය නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01