AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේනයට පහර දෙන්න උතුරු කොරියානු භට කණ්ඩායම් රුසියාවට

යුක්‍රේනය සමඟ සටන් වැදීමට උතුරු කොරියාව සිය භට කණ්ඩායම් රුසියාව වෙත යැවීම ආරම්භ කර ඇති බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය පවසනවා.

දකුණු කොරියානු ඔත්තු ඒජන්සියට අනුව, උතුරු කොරියානු භටයන් 1,500ක් දැනටමත් රුසියාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරනේ.

මෙලෙස උතුරු කොරියානු භටයින් 12,000 කට ආසන්න පිරිසක් යුක්‍රේනයට එරෙහිව සටන් වැදීමට රුසියාව වෙත යැවීමට සැලසුම වී ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය පවසන්නේ.

මේ අතර යුද්ධය සඳහා උතුරු කොරියාව, රුසියාවට පතොරම් සහ ආයුධ සපනය බවට ද සාක්ෂි සහිතව අනවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියානු ජාතික බුද්ධි සේවයෙන් මෙම චෝදනාව එල්ල වී ඇත්තේ රුසියානු හමුදාව උතුරු කොරියානුවන්ගේ ඒකකයක් පිහිටුවා ගන්නා බවට යුක්‍රේනය හමුදා බුද්ධි අංශ ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?