AFC Banner
Empty Ad
Empty Ad

කිවි – ඉන්දු පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද (18) යි.

ඊයේ (18) දිනයේ දී සිය පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 185ක් ලබා සිටියා.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ දිනයේ දී සිය පළමු ඉනිමේ දී මව්බිම තුළ පළමුවරට ලකුණු 46කට දැවී ගියේ අඳුරු ටෙස්ට් සටහනක් තම ක්‍රිකට් වංශයට එක් කරගනිමින්.

තරගයේ පළමු දිනය ම වර්ෂාව හේතුවෙන් අතහැරුණු අතර එබැවින් ඊයේ දිනයේදීයි තරගය නිල වශයෙන් ඇරඹුණේ.

මේ වනවිට ඉන්දියාවට එරෙහිව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ රචින් රවීන්ද්‍රා සමගින් ඩැරිල් මිචෙල්.

ඩෙවොන් කොන්වෙ ලකුණු 91ක් ලබා සිටියදී අශ්වින්ගේ පන්දුවකට දැවී ගියා.

කුල්දීප් යාදව් සහ ජඩේජා ද එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

මේ වනවිට නවසීලන්තය ඉන්දීය කණ්ඩායමට වඩා පළමු ඉනිමෙන් ලකුණු 142ක් ඉදිරියෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?