AFC Banner
Empty Ad
Empty Ad

අසත්‍ය ප්‍රවෘත්තියක් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් (නිවේදනය)

ඡන්ද විමසීමේ ක්‍රියාවලියට අදාළ ව ප්‍රචාරය වන වගකීමකින් තොර අසත්‍ය ප්‍රවෘත්තියක් පල වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නිදහස්, සාධාරණ හා විශ්වසනීයත්වයෙන් යුතුව පැවැත්වීමට කොමිෂන් සභාව මේ වනවිටත් සියලු විධිවිධාන යොදා ඇති බවයි.

එයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්‍යයන් පිළිබඳව චක්‍රලේඛ, උපදෙස්, නියෝග නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා මහජනතාව ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඡන්ද විමසීම තරග කරන සියලුම අපේක්ෂකයින් වෙත ස්වකීය මනාප අංක මේ වනවිටත් නිකුත් කොට ඇති බවත් අපේක්ෂකයින් විසින් එම අංක යොදා ගනිමින් ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවට නිරීක්ෂණය වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ඡන්ද ප්‍රචාරක කටයුතුවලට අදාළ නිවේදිත මැතිවරණ කාර්‍යාල ආරම්භ කිරීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ අංක EC/EDR/PE/2024/13 දරන චක්‍රලේඛය නාමයෝජනා කාලසීමාව ආරම්භයට පෙර එනම් ඔක්තෝබර් 03 වැනි දින නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය පාර්ලිමේන්තු මැතිවරාණයට තරග කරන සියලුම දේශපාලන පක්ෂ/ ස්වාධීන කණ්ඩායම් වෙත ලබා දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්න ජනාධිපති එක්ක රට ගොඩගන්න එන සජිත් - ඒක කරන්න පුළුවන් සජබයට විතරයි
04:42
Video thumbnail
පුතාණෝ යළි වැඩ අරඹයි - "දක්ෂ පක්ෂ හපන්කම් තියෙන්නේ අපේ කණ්ඩායමට" #sjb #sajithpremadasa
04:47
Video thumbnail
මම විශ්‍රාම යන්නේ නෑ #shorts #1millionviews #mahindarajapaksha
00:08
Video thumbnail
වාහාම ඉන්ධන මිල සූත්‍රය සන්ශෝදනය කරන්න - අනන්ද පාලිතගෙන් ජනපති අනුරට ලොකු සද්දයක් #akd #npp
08:21
Video thumbnail
ග්‍රෑන්ඩ් පාස් සලිත කරමින් පත්තුවුණ වෙඩිල්ල
00:56
Video thumbnail
බලශක්ති අමාත්‍යාංශය ජනපති ගිහින් කරපු රංගනයට ආනන්ද පාලිතගෙන් සැර පිළිතුරු
04:58
Video thumbnail
නිවසකටත් ෂොට් එක දීලා බැංකුවකටත් ගේම දෙන්න යද්දි පොලීසියට මාට්ටු
01:17
Video thumbnail
බාර් පර්මිට් ගත්තු මන්ත්‍රීවරුන්ගේ නම් වහාම හෙළිකරන්න
03:23
Video thumbnail
රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
00:56
Video thumbnail
අලුත් Dilscoop එකක් බලාගන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයේදී
05:30

?