අසත්‍ය ප්‍රවෘත්තියක් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් (නිවේදනය)

ඡන්ද විමසීමේ ක්‍රියාවලියට අදාළ ව ප්‍රචාරය වන වගකීමකින් තොර අසත්‍ය ප්‍රවෘත්තියක් පල වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නිදහස්, සාධාරණ හා විශ්වසනීයත්වයෙන් යුතුව පැවැත්වීමට කොමිෂන් සභාව මේ වනවිටත් සියලු විධිවිධාන යොදා ඇති බවයි.

එයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්‍යයන් පිළිබඳව චක්‍රලේඛ, උපදෙස්, නියෝග නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා මහජනතාව ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඡන්ද විමසීම තරග කරන සියලුම අපේක්ෂකයින් වෙත ස්වකීය මනාප අංක මේ වනවිටත් නිකුත් කොට ඇති බවත් අපේක්ෂකයින් විසින් එම අංක යොදා ගනිමින් ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවට නිරීක්ෂණය වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ඡන්ද ප්‍රචාරක කටයුතුවලට අදාළ නිවේදිත මැතිවරණ කාර්‍යාල ආරම්භ කිරීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ අංක EC/EDR/PE/2024/13 දරන චක්‍රලේඛය නාමයෝජනා කාලසීමාව ආරම්භයට පෙර එනම් ඔක්තෝබර් 03 වැනි දින නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය පාර්ලිමේන්තු මැතිවරාණයට තරග කරන සියලුම දේශපාලන පක්ෂ/ ස්වාධීන කණ්ඩායම් වෙත ලබා දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03