මරණකරුවෙකුගේ අනන්‍යතාව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි

කෑගල්ල පොලිස් වසමේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 83 කණුව ආසන්නයේ මොලගොඩ ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුර පසුගිය 04 වැනිදා සිදු වූ බවත් මරණකරුගේ මෘත ශරීරය කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර සති දෙකක් ගත වුව ද කිසිවෙකු එය භාර ගැනීමට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

එබැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ මරණකරු හඳුනාගැනීමට මහජන සහාය අවශ්‍ය බවයි.

උසින් අඩි 05යි අගල් 03ක් පමණ වන තලෙළු, සිහින් සිරුරක් සහිත, හිසේ ඉදිරිපස තට්ටය පෑදුණු, හිසේ පසුපස කොටසේ අඟලක් පමණ දිගට කොණ්ඩය වැවුණු, දකුණු ඇහිබැමට ඉහළින් නළලේ සුව වූ රවුම් හැඩැති තුවාල කැළලක් සහිත පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබෙනවා.

එමෙන්ම ඔහු අවසන් වරට සුදු පැහැති අත් කොට කමීසයක් සහ රතු සහ නිල් පැහැති ඉරි සහිත සරමක් හැඳ සිටි බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම්; 071-8591413 දරන කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දූරකථන අංකයට හෝ 035-2222222 දරන කෑගල්ල පොලිස් ස්ථානයට හෝ දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10