සමාජ මාධ්‍ය කැළඹූ කිරුළපන සිද්ධියේ සුළමුළ මෙන්න

මෝටර් රථයක ගමන් කරමින් සිටි මවක සහ දියණියකට හස්ත මුද්‍රාවෙන් අශෝභන දර්ශන පෙන්වූ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය කියයි. ඉකුත් දාහත් වැනිදා මව සහ දියණිය ඔවුන්ට අයත් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හැව්ලොක් පාර ඊශ්වරී ප්‍රදේශයේදී සැකකාර පිය පුතු දෙදෙනා ගමන්ගත් වාහනයට මඟ අවහිර කළේ යැයි උරණව ඔවුන් ගමන්ගත් වාහනයට ඉස්සර කර මඟ අවහිර කරමින් පැමිණි සැකකරුවන් කිරුළපන බේස්ලයින් සංඥා පද්ධතිය අසලදී සැකකාර පියා විසින් හස්ත මුද්‍රාවෙන් මවට සහ දියණියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගේ එම පහත් ක්‍රියාව මෝටර් රථයේ ගමන් ගත් පැමිණිලිකාරියගේ දියණිය විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබූ බව පොලිසිය කියයි.

එම වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකළ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.එම්. ඉනෝකා මහත්මිය ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ගමන්ගත් මෝටර් රථයේ ලියාපදිංචි අංක ඔස්සේ පරීක්ෂණ පවත්වා පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන සිද්ධාර්ථ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් බවත් පැමිණිලිකාර කාන්තාව නුගේගොඩ පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි.

වයස අවුරුදු 25 සහ 52 අතර පසුවන සැකකාර පිය පුතු දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කිරුළපන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වයි.එම්. ඉනෝකා, කාන්තා පොලිස් පරීක්ෂක නිල්මිණි, කාන්තා පොලිස් කොස්තාපල් සිතාරා (10426) මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.කොළඹ – ජයසිංහ
මව්බිම පුවත්පත…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?