සමාජ මාධ්‍ය කැළඹූ කිරුළපන සිද්ධියේ සුළමුළ මෙන්න

මෝටර් රථයක ගමන් කරමින් සිටි මවක සහ දියණියකට හස්ත මුද්‍රාවෙන් අශෝභන දර්ශන පෙන්වූ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය කියයි. ඉකුත් දාහත් වැනිදා මව සහ දියණිය ඔවුන්ට අයත් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හැව්ලොක් පාර ඊශ්වරී ප්‍රදේශයේදී සැකකාර පිය පුතු දෙදෙනා ගමන්ගත් වාහනයට මඟ අවහිර කළේ යැයි උරණව ඔවුන් ගමන්ගත් වාහනයට ඉස්සර කර මඟ අවහිර කරමින් පැමිණි සැකකරුවන් කිරුළපන බේස්ලයින් සංඥා පද්ධතිය අසලදී සැකකාර පියා විසින් හස්ත මුද්‍රාවෙන් මවට සහ දියණියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගේ එම පහත් ක්‍රියාව මෝටර් රථයේ ගමන් ගත් පැමිණිලිකාරියගේ දියණිය විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබූ බව පොලිසිය කියයි.

එම වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකළ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.එම්. ඉනෝකා මහත්මිය ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ගමන්ගත් මෝටර් රථයේ ලියාපදිංචි අංක ඔස්සේ පරීක්ෂණ පවත්වා පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන සිද්ධාර්ථ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් බවත් පැමිණිලිකාර කාන්තාව නුගේගොඩ පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි.

වයස අවුරුදු 25 සහ 52 අතර පසුවන සැකකාර පිය පුතු දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කිරුළපන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වයි.එම්. ඉනෝකා, කාන්තා පොලිස් පරීක්ෂක නිල්මිණි, කාන්තා පොලිස් කොස්තාපල් සිතාරා (10426) මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.කොළඹ – ජයසිංහ
මව්බිම පුවත්පත…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38