AFC Banner
Empty Ad
Empty Ad

කටාර් රටේ සිට මිත්තණිය බැලීමට ආ තුන්හැවිරිදි පුතු ජීවිතක්ෂයට

පාසල් සිසුවෙකු ධාවනය කළ ජීප් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර සිදු ව ඇත්තේ ගම්පොළ නගරයේ බස්නැවතුම්පොළ ඉදිරිපිට දී බවයි වාර්තා වන්නේ.

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 17 හැවිරිදි රියදුරු බලපත්‍රයක් හෝ නොමැති පුතු විසින් ‍රථය ධාවනය කරනු ලැබ ඇති බවට ද සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මියගිය කුඩා දරුවා වයස අවුරුදු තුනයි මාස 06ක් වන පිරිමි දරුවෙක්.

අනතුරින් ත්‍රිරෝද රථය පෙරළී එහි සිටි රියදුරු හා කුඩා දරුවා ඉන් පිටතට විසිවී තිබෙනවා.

තුවාල ලැබූ රියදුරුවරයා සහ දරුවා ගම්පොළ රෝහලට ඇතුළත් කළ ද; දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජීප් රථය මාර්ගයේ වෙළෙඳාම් කළ කරත්තයක හා තවත් ත්‍රිරෝද රථයක ද ගැටී නතර වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට තම මිත්තණිය බැලීම සඳහා ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නමැති දරුවෙක්.

ජීප් රථය පැදවූ පාසැල් සිසුවා ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර ඔහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?