කටාර් රටේ සිට මිත්තණිය බැලීමට ආ තුන්හැවිරිදි පුතු ජීවිතක්ෂයට

පාසල් සිසුවෙකු ධාවනය කළ ජීප් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර සිදු ව ඇත්තේ ගම්පොළ නගරයේ බස්නැවතුම්පොළ ඉදිරිපිට දී බවයි වාර්තා වන්නේ.

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 17 හැවිරිදි රියදුරු බලපත්‍රයක් හෝ නොමැති පුතු විසින් ‍රථය ධාවනය කරනු ලැබ ඇති බවට ද සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මියගිය කුඩා දරුවා වයස අවුරුදු තුනයි මාස 06ක් වන පිරිමි දරුවෙක්.

අනතුරින් ත්‍රිරෝද රථය පෙරළී එහි සිටි රියදුරු හා කුඩා දරුවා ඉන් පිටතට විසිවී තිබෙනවා.

තුවාල ලැබූ රියදුරුවරයා සහ දරුවා ගම්පොළ රෝහලට ඇතුළත් කළ ද; දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජීප් රථය මාර්ගයේ වෙළෙඳාම් කළ කරත්තයක හා තවත් ත්‍රිරෝද රථයක ද ගැටී නතර වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට තම මිත්තණිය බැලීම සඳහා ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නමැති දරුවෙක්.

ජීප් රථය පැදවූ පාසැල් සිසුවා ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර ඔහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27