AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවට නැවක් හදාගන්න ඉන්දියාව තෝරා ගනී

රුසියාව සිය න්‍යෂ්ටික නොවන අයිස් කඩන නෞකාවක් ඉදිකිරීමේ වැඩසටහන සඳහා චීනය වෙනුවට ඉන්දියාව තෝරාගෙන තිබෙනවා.

මෙම සහයෝගීතාව ඉන්දියානු – රුසියාව සබඳතා ශක්තිමත් කරනවා පමණක් නොව ආක්ටික් කටයුතුවල ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් ලෙස ඉන්දියාව ස්ථානගත කරනු ඇති.

බටහිර සම්බාධක සඳහා මුහුණ දී සිටීම හේතුවෙන් රුසියාව ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව තෝරා ගෙන තිබෙනවා.

සම්බාධක හේතුවෙන් බටහිර තාක්ෂණය ලබා ගැනීමට රුසියාවට අවස්ථාවක් නොමැති වීම ඊට හේතුවයි.

ඉන්දීය ආණ්ඩුව රුපියල් කෝටි 6,000කට වැඩි වටිනාකමකින් යුත් න්‍යෂ්ටික නොවන අයිස් කඩන නැව් ව්‍යාපෘතිය සඳහා නැව් සාදන්නන් දෙදෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?