තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ශිෂ්ණයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලි අයිතිවාසිකම් පෙත්සමේ; 12 වැනි වගඋත්තරකාර නීතිපති වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මෙය ඉතා බරලතළ සිද්ධියක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස සඳහන් කළේ එම සිද්ධියේ වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14); යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන ශ්‍රෙෂ්ඨාධ්කරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනෙක් එහි වගඋත්තරකරුවන ලෙස නම්කර තිබෙනවා.
තෙල්දෙණිය පොලිසිය විසින් 2023 ජනවාරි 27 වානිදා මෙම වින්දිතයා අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබා ගනිමින් වදහිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී තහවුරු වූ බව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.
ඒ, අනුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුට අද නියෝග කළා.
වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය සහ නීතිඥ මාධව ඊරියගම සමඟ නීතිඥ සුරෙන් ඩී පෙරේරා මහතා පෙනී සිටියා.
පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා.