සැකකරුවකුගේ ශිෂ්ණයට නයි මිරිස් දියකර වත්කරලා – වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්න නියෝග

තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ශිෂ්ණයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලි අයිතිවාසිකම් පෙත්ස⁣මේ; 12 වැනි වගඋත්තරකාර නීතිපති වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙය ඉතා බරලතළ සිද්ධියක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස සඳහන් කළේ එම සිද්ධියේ වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14); යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන ශ්‍රෙෂ්ඨාධ්කරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

නීතිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනෙක් එහි වගඋත්තරකරුවන ලෙස නම්කර තිබෙනවා.

තෙල්දෙණිය පොලිසිය විසින් 2023 ජනවාරි 27 වානිදා මෙම වින්දිතයා අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබා ගනිමින් වදහිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී තහවුරු වූ බව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

ඒ, අනුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුට අද නියෝග කළා.

වින්දිත රුවන් ශාන්ත ප්‍රියදර්ශන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කු⁣⁣රේ මහත්මිය සහ නීතිඥ මාධව ඊරියගම සමඟ නීතිඥ සුරෙන් ඩී පෙරේරා මහතා පෙනී සිටියා.

පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16