ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි වසා දමයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට නිමිත්තෙන්, ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගර ඔක්තෝබර් 12 සිට 16 දක්වා දින පහක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවන්හල්, උත්සව ශාලා, සමාජ ශාලා ඇතුළු සියල්ල තාවකාලිකව වසා තැබෙනු ඇති.

සමුළුවේ ආරක්ෂක පියවරක් ලෙස අඩියාලා බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දින පහක් සඳහා උසාවියට ඉදිරිපත් නොකිරීමට ද තීරණය කර ඇති අතර සියලු නඩු විභාග ඔක්තෝබර් 16 වැනිදායින් පසු ආරම්භ කරන බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.

අමතර ආරක්ෂාව සඳහා, නගරය පුරා ඇති බහු මහල් ගොඩනැගිලිවල වහල මත කමාන්ඩෝ සහ ස්නයිපර් වෙඩික්කරුවන් යොදවා තිබෙනවා.

‘ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන්’ පුවත්පතට අනුව, නූර් ඛාන් චක්ලාලා ගුවන් කඳවුර අවට කිලෝමීටර් 3ක වපසරිය තුළ පරවියන් පියාසර කිරීම සහ සරුංගල් යැවීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

SCO සමුළුවේ සුමට සංවිධානය සහතික කිරීම සඳහා රජය විසින් ඉස්ලාමාබාද් සහ රාවල්පින්ඩි හි ඔක්තෝබර් 14 සිට 16 දක්වා දින තුනක රජයේ නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ කාල සීමාව තුළ නගර දෙකෙහිම සියලුම අධ්‍යාපන ආයතන සහ රජයේ කාර්යාල වස තැබෙනු ඇති.

පාකිස්තානයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන SCO සමුළුව ඔක්තෝම්බර් 16 සහ 17 යන දිනවල ඉස්ලාමාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර, ඊට චීන අග්‍රාමාත්‍ය Li Qiang ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වීමට නියමිතයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් සිය මංගල සංචාරය සනිටුහන් කරමින් ඔක්තෝබර් 15 වැනිදා SCO සමුළුව සඳහා පකිස්ථානයට පැමිණීමට නියමිතයි.

වසර 09කට ආසන්න කාලයකට පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු පකිස්තානයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර සුෂ්මා ස්වරාජ් අවසන් වරට පාකිස්තානයේ නිල සංචාරයක නිරත වුණේ 2015 වසරේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?