ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි වසා දමයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට නිමිත්තෙන්, ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගර ඔක්තෝබර් 12 සිට 16 දක්වා දින පහක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවන්හල්, උත්සව ශාලා, සමාජ ශාලා ඇතුළු සියල්ල තාවකාලිකව වසා තැබෙනු ඇති.

සමුළුවේ ආරක්ෂක පියවරක් ලෙස අඩියාලා බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දින පහක් සඳහා උසාවියට ඉදිරිපත් නොකිරීමට ද තීරණය කර ඇති අතර සියලු නඩු විභාග ඔක්තෝබර් 16 වැනිදායින් පසු ආරම්භ කරන බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.

අමතර ආරක්ෂාව සඳහා, නගරය පුරා ඇති බහු මහල් ගොඩනැගිලිවල වහල මත කමාන්ඩෝ සහ ස්නයිපර් වෙඩික්කරුවන් යොදවා තිබෙනවා.

‘ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන්’ පුවත්පතට අනුව, නූර් ඛාන් චක්ලාලා ගුවන් කඳවුර අවට කිලෝමීටර් 3ක වපසරිය තුළ පරවියන් පියාසර කිරීම සහ සරුංගල් යැවීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

SCO සමුළුවේ සුමට සංවිධානය සහතික කිරීම සඳහා රජය විසින් ඉස්ලාමාබාද් සහ රාවල්පින්ඩි හි ඔක්තෝබර් 14 සිට 16 දක්වා දින තුනක රජයේ නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ කාල සීමාව තුළ නගර දෙකෙහිම සියලුම අධ්‍යාපන ආයතන සහ රජයේ කාර්යාල වස තැබෙනු ඇති.

පාකිස්තානයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන SCO සමුළුව ඔක්තෝම්බර් 16 සහ 17 යන දිනවල ඉස්ලාමාබාද්හිදී පැවැත්වීමට නියමිත අතර, ඊට චීන අග්‍රාමාත්‍ය Li Qiang ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වීමට නියමිතයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් සිය මංගල සංචාරය සනිටුහන් කරමින් ඔක්තෝබර් 15 වැනිදා SCO සමුළුව සඳහා පකිස්ථානයට පැමිණීමට නියමිතයි.

වසර 09කට ආසන්න කාලයකට පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු පකිස්තානයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර සුෂ්මා ස්වරාජ් අවසන් වරට පාකිස්තානයේ නිල සංචාරයක නිරත වුණේ 2015 වසරේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06