කැළණි ගඟ, කුඩා ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගලයි – ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙනවා.

ඒ, අනුව ඉන් තත්ත්පරයට ඝන මීටර් 78ක ජලධාරිතාවක් කුඩා ගඟට මුදා හරින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීම නිසා බුලත්සිංහල – මෝල්කාව මාර්ගයේ දඹල, ඇටඹගස් හංදිය සහ පරගොඩ යන ප්‍රදේශවල මාර්ග සහ පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කළු ගඟේ මිල්ලකන්ද ජලමාපාංකය ඝන මීටර් 7.98ක් ලෙස සුළු ගංවතුර තත්ත්වයේ අද (12) පෙරවරු 8.00 වන විට සටහන් වී තිබුණා.

එමෙන්ම කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ වන විටත් කොළොන්නාව ප්‍රදේශයේ වැල්ලම්පිටිය, මෙගොඩ කොළොන්නාව, වෙන්නවත්ත, සේදවත්ත, බ්‍රැන්ඩියාවත්ත, කැළණිමුල්ල, කොහිලවත්ත ප්‍රදේශවල පහත්බිම් රැසක් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද (12) පෙරවරු 8.00 වනවිට අත්තනගලු ඔයේ ජල මට්ටම ඊයේ (11) රාත්‍රියට වඩා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා.

අද (12) පෙරවරු 8.00 වන අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර්  5.79ක් වශයෙන් සදහන්ව තිබුණා.

වර්ෂා පතනයේ වැඩිවීමක් අද (12) දිනයේ සිදුවුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් මෙන්ම ගම්පහ නගරය ද ජලය ගැලීමකට ලක්විය විය හැකි බව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.   

මේ අතර අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ නගරය ආසන්න ගම්පහ – ජාඇල, ගම්පහ – ගනේමුල්ල ප්‍රධාන මාර්ග කිරිඳවිට ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ, හේතුවෙන් එම මාර්ගවල වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47