තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි ගුවන් තොටුපොළෙන් සාජා බලා ගමන් ඇරඹු ගුවන් යානයක් උඩු ගුවනේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, අනුව එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවයට අයත් එම යානය තිරුචිරප්පල්ලි ගුවන් තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සාජා බලා ගමන් ගත් AXB 613 දරණ ගුවන් යානයේ මගීන් ඇතුළු 144 දෙනෙක් සිටි බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.
යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු ගුවන් නියමුවා කාර්මික දෝෂය හඳුනාගැනීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර යානය යළි ගොඩබෑමට කටයුතු කර තිබෙනවා.
ගුවන් තොටුපළ බලධාරීන් පැවසුවේ යානය පැය දෙකකට ආසන්න කාලයක් තිරුචිරප්පල්ලි ගුවන් තොටුපොළෙ අවට ගුවන් කලාපයේ සැරිසැරූ බවයි.
යානය ආරක්ෂිත ගොඩබෑමකට උත්සාහ කිරීමට පෙර අතිරික්ත ඉන්ධන දහනය කිරීම සඳහා මෙලෙස ගුවන් කලාපයේ සැරිසරා ඇති බව සඳහන්.
ගුවන් තොටුපළ අධ්‍යක්ෂවරයා පැවසුවේ යානයේ හයිඩ්‍රොලික් ක්‍රියා විරහිත වීම පිළිබඳව ගුවන් නියමුවා පාලන කුටියට දැනුම් දුන් බවයි.